Bot Net Attack
Bot Net කියන වචනය ලෝකෙට එන්නේ Robot කියන වචනයෙන්, මේකෙදි කියන්න යන්නේ රොබෝ කෙනෙක් ගැන නෙවෙයි රොබෝ වැඩසටහනක් ගැන. යම්කිසි කටයුත්තක් ඉබේම කරගන්න පුළුවන් වැඩසටහනකට අපි රොබෝ ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියනවා. උදාහරණයක් විදියට සර්ච් එන්ජින් එකක් ගත්තම අපි ගහන ගහන එකට ගැලපෙන වෙබ් සයිට් හොයලා දෙන්නේ ස්පයිඩර්ස් කියන ඉබේම ක්‍රියාත්මක වෙන අල්ගොරිතම් එකක් (තේරෙන සිංහලෙන් කිවුවොත් ප්‍රෝග්‍රෑම් එකක්) මගින්, මෙහෙම කාලේ යද්දී කොමස් කරපු ජොබක් නැතිව වේලි වේලි ඉන්න ප්‍රෝග්‍රෑමස්ලා හොයන්න ගත්තා botnet එකටත් රොබෝ ප්‍රෝග්‍රෑම් එකක්, මේ අස්සේ එක මිනිහෙක් අතින් හරි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් ලියවෙනවා.ප්‍රෝග්‍රෑම් එකක් කිවුවට හරියටම කිවුවොත් එක ප්‍රොටෝකෝල් එකක්, IRC Bot (Internet Relay Chat) කියන මේ ප්‍රොටෝකෝල් එකට පුළුවන් එම වෙලාවේම සන්නිවේදන කටයුතු කරන්න,
botnet නෙට්වර්ක් එකක් හදාගන්න හිතන ගොඩක් මිනිස්සු කරන්නේ තමන්ගේ අතින්ම ප්‍රෝග්‍රෑම් එක ලියන එක, එත් අද වෙද්දී ෂැම්පු පැකට් වගේ මේ ප්‍රෝග්‍රෑම් ඉන්ටනෙට් එකේ ඇති තරම් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න, මෙහෙම එක එකා හදපු ඒවා අරන් අපි දාගගෙන සරදියෙල් වගේ ගැම්මට ඉන්නකොට දන්නෙම නෑ අපේ කම්පුටරෙත් අර ලන්දේසි සොෆ්ට්වෙයා එක ලියපු එකාගේ යටතට අරන් අහවරයි, එක නිසා මුලින්ම කියන්නම් කාටහරි බොට්නෙට් එකෙක් හදාගන්න ඕනෙනම් කරන්න තියෙන්නේ හොද ස්ක්‍රිප්ට් එකක් තමන්ගේ අතින්ම ලියන්න, ලියද්දි ටිකක් හැඩට ලියන්න වයිරස් ගාඩ් එක එහෙම දැක්කම කොරවෙලා ඩිම් වෙලා ඇවිත් ස්ක්‍රිප්ට් එකෙන්ම කැමැත්ත අහන ගානට. වැඩිය ram එක යුස් කරන්න ලියන්න එපා මොකද එහෙම උනොත් ආයේ දෙකක් නෑ ශෝට්කට් වයිරස් එකටත් මැෂින් ෆොර්මැට් කරන අපේ රටේ මිනිස්සු සුවර් සොට් කෑල්ල එක්ක කොටු පනපුවා පෙන් එකකට දාගෙන මැෂින් එක සෙනිකව ෆෝමෑට් කරාවි. හිතලා බලලා දන්නන්නේ නැති ගානට රන් වෙන්න ලියන්න බලාගන්න. ලියලා හොද ගොසිප් සයිට් එකක් වගේ පටන්ගෙන බ්‍රවුසර් එක ලෝඩ් වෙද්දී අර ස්ක්‍රිප්ට් එක රන් වෙන්න ලියන්න, ලංකාවේ ඔය වැඩේ හරිම සිම්පල්.
ඉතින් මෙහෙම එක එක කොම්පුටර් අපේ අතට ආව කියලා අපිට වෙන සෙතේ මොකක්ද කියලා සෙනසුරු නීච වෙච්ච කොනක ඉදන් මේක කියවන එකෙක් මගෙන් අහවි. එකට උත්තරේ මෙහෙම දෙන්නම්. 2011 මාර්තු 18 වෙනිදා උදේ 11.30ට යෙදුනු සුබ නැකතින් බිල්ගේස්ට් අන්කල්ලුයි තව සෙට් එකකුයි හෙන රොබොරියකට බහිනවා, ඒ ඒකාලේ තිබ්බ දැවැන්තම botnet නෙට්වර්ක් එක උන රස්ටෝක් (Rustock) කියන බොට්නෙට් එක වට්ටන්න. මේ වෙදිදි මේ Rustock නෙට්වර්ක් එකට අයිති වෙලා තිබුනා කම්පුටර් විසිහතර ලක්ෂයක් (සංක්‍යආ ලේකන ඕනෙනම් පෙන්නන්නම්). ඉතින් එක එක කම්පැනි කාරයෝ ඇවිත් Rustock එක්ක කතාබහ කරලා ආප්පක් එහෙම කාලා තේකක් බිලා පොඩි සන්තෝසමක් දෙනවා මල්ලි මෙන්න මේ සයිට් එකට මෙදාට DDOS එකක් ගහන්න මගේ හොද කොලු පැටියනේ කියලා. පොඩි පොඩි ගණන් නෙවේ මෙහෙම ඒවාට අය කරේ. ඒ වගේම මේ Rustock නෙට්වර්ක් එකට තව කට්ටියක් ඇවිත් කියනවා මල්ලි මගේ මේ අලුත් බිස්නස් එක ප්‍රොමෝට් කරලා දෙන්න ස්පෑම් ඉමේල් මෙච්චර ගානක් යවලා කියලා (හොද වෙලාවට දිමංක වෙල්ලාලටයි ඉරාජ් අයියටයි සෙට් උනේ නැත්තේ). ඒ අස්සේ තව බෙහෙත් කම්පැනි කාරයෙක් ඇවිත් කියනවා මම පොඩි හොර බෙහෙතක් හැදුවා ෆයිසර් (Pfizer) බෙහෙත් සමාගමේම බෙහෙතක් වගේ, මේක විකුණගන ඊමේල් ටිකක් ගහන්න කියලා, ඔය ඊමේල් සින් එකට බිල්ගේස්ට් අන්කල්ට හොදටම යකා නැග්ගා ඒකයි හරම සෙට් වෙලා චතුරගෙන් උපදෙන් අරන් රොබරියක් දෙන්න ගත්තේ.
ඒ වගේම මේ Rustock කියන ජාලය විටෙක ගණිකා මඩමක් වගේ හැසිරුනා. ඒ කිවුවේ පැයට මෙච්චර කම්පුටර් ගානක් දෙනවා ඕන දෙයක් කරගන්න මට මෙච්චර ගානක් ඕන කියලා වගේ. ඉතින් මේ වැටලීම කරද්දී මේකට සම්බන්ද සවර් 96ක්ම එක පාර අහු උනා,මේ සවර් 96 එක සැරේ වහද්දි ඉන්ටනෙට් එකේ ස්පෑම් ඊමේල් ට්‍රැෆික් එක 80%කින් අඩු උනා කියලා තමයි ආරංචිය. ඉතින් ඕන ඔහොම Rustock අවසන් ගමන් ගියා. බිල්ගේස්ට් කොහොමත් චතුරගේ යාළුවා, ඉතින් බිල්ගේට්ස් මිට කලිනුත් ඔහොම හින් නුලෙන් ගේම ගහලා තියෙනවා Waledec (ඔව් ඔව් වලදක් ) කියන ලොකු බොට්නෙට් එකකුත් බිල්ගේස්ට් එකතු වෙලා වට්ටලා තියෙනවා.
බොට්නෙට් ගැන තවදුරටත් කියනවනම් ලෝකයේ රටවල් 190ක තිබුණු කම්පුටර් මිලියන ගානක් එකතු කරන් රජා වගේ හිටිය තව බොට්නෙට් නෙට්වර්ක් එකක් තමයි Mariposa කියලා කියන්නේ. මේකනම් කෙලින්ම බැංකු වලට ගේම ගහන්නම පටන් ගත්තු එකක් කියලා ගමේ ඇන්ටිලා කතාවෙනවා මට ඇහුනා. රසම සිදිදිය තමයි එදා මෙදා තුර ජිල් එකට ගිය බොට්නෙට් පවත්වාගෙන යාමට කෙලින්ම සම්බන්ද කලිය මේක වෙන එක,කොහොමද එක.. ඉතින් ඔන්න ඔහොමයි බෝට්න්ට් ගැන විස්තරේ..
බොදුගොවි උස ආදී පහයි අගල් හයේ බොට්නෙට් එකක් ඇති පවුලේ එකම පුතුට ලස්සන සුකුමාල සහකාරියක් හොයයි කියලා පත්තරේ යදදී කොහොමද එක ආ..
ලිවුවේ මම හරිත් දිල්ශාන්..
#Shap_Manasick
#HarithDilshan
කොපි කරාට තරහ නෑ, නමවත් ඉතිරි කරන්න

Comments
Post a Comment