Wi-Fi Technology
දැන් හැමෝම අතරේ ගොඩක් ප්‍රසිද්දයි මේ තාක්ශනේ, එත් මේකේ ඇතුලේ මොනාද වෙන්නේ කියල හොයලා බලලා දැනගන්න ආස අයට මේක ලියන්න ගත්තේ..
Wireless Fidelity කියන එකට තමයි අපි මේ අපි සිංහලෙන් Wi-Fi කියල කෙටි කරලා කියන්නේ.
Bluetooth කියන තාක්ෂණයෙන් පස්සේ මිනිස්සු බැලුවා මිට වඩා වැඩි පරාසයක් අහුවෙන මිට වඩා වැඩි වේගෙකින් දත්ත හුවමාරු කරන්න රැහැන් රහිත තාක්ෂණයක්. මෙහෙම ගොඩක් පරීක්ෂණ අස්සෙන් අලුත් තාක්සනයක් එලියට එනවා Wi-Fi කියලා. ලංකාවට මේක මුලින්ම ගෙනාවේ Dialog ආයතනය විසින්. හැබැයි අද වෙද්දී තත්වේ ගොඩක් බරපතල ලෙස වෙනස් වෙලා SLT එක Wi-Fi තාක්ෂනය අතින් ඉදිරියට ඇවිත් තියනවා.(ඔව් මම SLT එකට මේ දවස්වල කඩේ යනවා). බහුතරයක් රටවල් වල මේ Wi-Fi තාක්ෂනය නොමිලේ ලබාදෙන්න කටයුතු කරලා තියනවා.ලෝකගේ කාලේ වගේ නෙවේ ඉතින් යහපාලනෙට පින් සිද්ද වෙන්න අද වෙද්දී සිරි ලංකාවෙත් මේ තාක්ෂනය නොමිලේ ලබාගන්න පුලුවන් ( පිස්සුය මම විහිළුවක් කලේ ).
මේ තාක්ෂණයේ වාසි අවාසි ගැන කතාකරොත් වාසි තමයි,
*) එක Wi-Fi Access Point එකකට ගොඩක් උපාංග සම්බන්ද කරන්න පුලුවන් වීම.
*)Network Cable ඇද ඇද මුදල් කාලය නිකම්ම නාස්ති නොවීම.
*) Signal අහුවෙනවානම් ඕන දොම්පෙක ඉදන් කනෙට් වෙන්න පුලුවන් වීම.
දැන් අවාසි ගැන කතා කරමු,
*) password දාල නැති කනෙක්ෂන් වලට පහසුවෙන් අතුලිවිය හැකි වීම.
*) අපේ Frequency range අස්සේ වෙන වෙන සිග්නල් ඇවිත් පිස්සු කෙලිම.
Wi-Fi Router -----
මේ ගැජමැටික් කෑල්ලෙන් තමයි අපි ඉන්ටනෙට් යන්නේ, කියන්න සතුටයි පින්වතුනි ලංකාවේ ගොඩක් උන්දලා මේකෙන් කරන්නේ ඉන්ටනෙට් යන එක විතරයි. එත් මේකෙන් ඊට එහා ගොඩක් දේවල් කරන්න පුලුවන් කමක් තියනවා,ලිනක්ස් පාවිච්චි කරන අයියලා මල්ලිලා නම් දන්නවා මේකෙන් ගන්න පුලුවන් වැඩ කෑලි ගැන.
උදාහරණ විදියට ගත්තොත් මෙහෙමයි ඉස්සෙල්ලම අපි මේ රවුටරේ ගත්ත ආයතනයට කෝල් එකක් දීලා මේකේ ip එක public කරන්න කියනවා ( ඒ එක්කම ඉතින් අක්කි බබෙක් ලයින් කරගන්න දැනගෙන ඉන්න ඕන, අපි එක ගැන වෙනම පොස්ට් එකකින් කතාකරමු ) .
Ip එක public කරාට පස්සේ අපි මේකේ firmware එක අස්සේ රිංගලා හොයාගන්න ඕන port forward කරන තැන. ඔව් උන් ඒවා හන්හලා තියෙන්නේ, කෝල් දීලා උන්ගෙන් අහන්න එපා එතකොට අර අක්කි බබත් තරහ වෙන ලයින් එකක් තියෙන්නේ, මොකද උන්වත් දන්නේ නෑ ඕව කොහේ හන්ගලද කියල.
හරි මේ ටික කරගත්තට පස්සේ අපිට පුලුවන් Linux වලනම් var/www/html ඔන්න ඔය ෆෝල්ඩරේට වෙබ්සයිට් එකක් එහෙම දාල අපේ ip එකෙන් හොස්ට් කරන්නන.පස්සේ ඉතින් ඩොමේන් අරන් හදවද කරලා ගන්න පුලුවන්.
මේ එක දෙයක් තව ඉතින් කියනවනම් මේකේ ඉඩ මදි ලියන්නත්.මෙටාපොලිෂ් වලින් Revers TCP ගහද්දි මේක ගොඩක්ම වැදගත් වෙනවා.
Wi-FiAdapters -------
මේක ගැන කිවුවොත් මේක තමයි අර රවුටරෙන් එවන සිග්නල් අල්ල ගන්න ගැජමැටික් එක. අලුත් ලැප්ටොප් වලනම් මේ ගැජමැටික් එක හංගලා අස්සේ ඔබලා එවනවා. ඩෙස්ක්ටොප් වලටනම් මේක කඩෙන් ගන්න වෙනවා පොඩි ඒරියල් කැල්ලක් එක්ක එන්නේ. ලිනක්ස් වල Evil-Twinmethod එක පාවිච්චි කරන අය ගාව මේක අනිවා තියෙන්න ඕන.උන්ගාව නෑ කියනවනම් දෙකක් දුන්නමත් ඉල්ලගන්න පුලුවන්.
Wi-FiBooster -------
මේකෙන් අපිට එන සිග්නල් එක වැඩි කරගන්න පුලුවන්. වැඩි පරාසේකට උනත් සිග්නල් දෙන්න පුලුවන් කමත් තියනවා. මේක එච්චර වැඩක් නැ මොකද මේ සේරෝම ගන්න අපිගාව සල්ලි නෑ.
** Wi-FiEncryption Method **
ඔන්න දැන් තමයි බනිස් ගෙඩියේ සම්බල් අහු උනේ. මේක තමයි රසම කෑල්ල. මෙකෙදි අපි කතාකරන්න යන්නේ Wi-Fisecurity එක ගැන.
මුලිකව ගත්තම දැනට අද වෙදිදි Wi-FiEncryption Method ප්‍රදාන ආකාර තුනක් තියනවා. එකින් එක විස්තර කරලා බලමු.
WEPEncryption Method -------
WEP කියලා අපි කෙටිකරලා කියන්නේ Wired Equivalent Privacy කියන එකට. මේක ඒ තරම්ම ආරක්ෂා සහිත මෙතඩ් එකක් නෙවෙයි. මේක හදා තියෙන්නේ Industrial Access Points හදපු යම තමයි. සාමාන්‍යයෙන් හොද StandardMethod එකක් IEEE (Institute of Electrical and Electronics Engineers)
එකෙන් එලියට දාන්න අවුරුදු තුනක්වත් ගන්නවා. මේ WEP මෙතඩ් එකක password එකක් අපේ අතට ගන්න උපරිම විනාඩි දහයක් යාවි ඕනෙනම්.
WPA Encryption Method -------
WPA කියල අපි මේ කෙටිකරන එකේ දිග නම Wi-FiProtect Access කියන එක. මේකනම් හැදුවේ IEEE සමාගමෙන් තමයි. එත් මේකෙත් ගොඩක්ම දුර්වලතා තියනවා. මේකෙදි අපිට පුලුවන් යන එන පැකට් එකක් දෙකක් අල්ලන් පොඩි ටෝකක් දාලා password එක පන්නගන්න.අපි එකට නමක් දාල තියෙන්නේ එකට කියන්නේ Packet sniffer කරනවා කියලා. ඔය ඉන්ටනෙට් එකේ වැල බලන වෙලාවක පොඩ්ඩක් මේවා ගැන හොයල බලන්න එහෙම අවුලක් වෙන්නේ නෑ.එහෙමයි කියලා අවදානමක් ගන්නත් බෑනේ නේද.. ඒ මේ එක නෙවේ අලුතින් මොනවයි ආවේ?..
WPA2/PSK Encryption Method -------
මේකේ දිග නම Wi-FiProtect Access2/ Pre-Share Key කියන එක. අද වෙද්දී මේක තමයි ඉතින් ආරක්ෂක අතින් ඉස්සරහින් ඉන්නේ (රෙද්ද තමයි). මේකත් අපිට හදුන්වා දුන්නේ අර IEEE සමාගමම තමයි. කට්ටියනම් කියන්නේ මේකෙදි අපිට password එක crack කරන්න අමාරුයි කියලා. මොකද මේකෙදි යවන සියලුම පැකට් Data Advanced Encrypted විදියට තමයි යවන්නේ. කලින් කරපු Packet sniffer එක මේකේ කරන්න බෑ මොකද මේකේ යවන පැකට් හෙනම ලයින් දෙන්නේ. හිටන් ඉන්නේ හෙන පොෂ් කෑලි කියලා.
ඔය මොන Encryption Method ආවත් ඉතින් එකට අනිත්පැත්තට ජැක් එක කට්ටිය ගහනවනේ. ඉතින් ඔය කියන හැම Encryption Method එකක්ම අද වෙද්දී සිගිති ආතල් එකක් විතරයි.
Password එකක් crack කරන ක්‍රම ටිකකුත් මේකෙදි කියන්නම්.
*මුලින්ම තියන ලේසිම ක්‍රමේ කියන්නම්. මේකෙදි අපි කරන්නේ ආසිරි වනිගරත්න හම්බවෙලා අර ඔය මොන මොන හරි ටිකක් උස්සන් Wi-Fi තියන අසල්වැසි ගෙදරකට යනවා. ගිහින් දොරට තට්ටු කරලා පොඩ්ඩක් හිනාවෙලා ආ ඇන්ටි කොහොමද ඉතින් අන්කල් ගෙදරද ඕව ටිකක් අහල ඒ එක්කම අහනව ආ ඇන්ටිලා අලුතින් රවුටරයක් ගෙනාව නේද මොකක්ද දන්නා password එක නේද ඇන්ටි කියල අහනවා. ඒ පලවෙනි ක්‍රමේ.
* දෙවෙනි ක්‍රමේ තමයි kali linuxos එක දාගෙන Wi-Fi Adaptor එකකුත් සල්ලි දීලා අරන් Evil-Twinmethod එක හරි Dictionary Attack එක හරි ගහනවා.
*තුන්වෙනි එක ටිකක් ලේසි එකක් මේකට දැන් වෙද්දී හදලා තියනවා හොද AndroidApp ටිකක්. මම පහලින් නම් ටික දාන්නම් ඩවුන්ලෝඩ් කරන බලන්නකෝ එහෙනම්..
1) Zanti
2) Nmap
3) Wps Wpa Tester
4) AndroDumper
හරි එහෙනම් පට්ටම කට්ටක් කාල එකතැන වාඩිවෙලා ඉදන් එක්සෑම් එකත් අතලග තියන් මේ පොස්ට් එක ටයිප් කෙරේ. උබලත් ආතල් එකේ මේක කියවන්නේ නැතිව කට්ටක් කාලා කියවහන් එහෙනම්.
කරුණාකර කතෘ අයිතිය සුරකින්න,පස්සේ මාව තරහගස්සන්නෙපා හරි
#හරිත්_දිල්ශාන්
#Shap_Manasick
#96Developer

Comments
Post a Comment