Posts

Featured Post

Wi-Fi Technology

Image
දැන් හැමෝම අතරේ ගොඩක් ප්‍රසිද්දයි මේ තාක්ශනේ, එත් මේකේ ඇතුලේ මොනාද වෙන්නේ කියල හොයලා බලලා දැනගන්න ආස අයට මේක ලියන්න ගත්තේ.. Wireless Fidelity කියන එකට තමයි අපි මේ අපි සිංහලෙන් Wi-Fi කියල කෙටි කරලා කියන්නේ. Bluetooth කියන තාක්ෂණයෙන් පස්සේ මිනිස්සු බැලුවා මිට වඩා වැඩි පරාසයක් අහුවෙන මිට වඩා වැඩි වේගෙකින් දත්ත හුවමාරු ක‍රන්න රැහැන් රහිත තාක්ෂණයක්. මෙහෙම ගොඩක් පරීක්ෂණ අස්සෙන් අලුත් තාක්සනයක් එලියට එනවා Wi-Fi කියලා. ලංකාවට මේක මුලින්ම ගෙනාවේ Dialog ආයතනය විසින්. හැබැයි අද වෙද්දී තත්වේ ගොඩක් බරපතල ලෙස වෙනස් වෙලා SLT එක Wi-Fi තාක්ෂනය අතින් ඉදිරියට ඇවිත් තියනවා.(ඔව් මම SLT එකට මේ දවස්වල කඩේ යනවා). බහුතරයක් රටවල් වල මේ Wi-Fi තාක්ෂනය නොමිලේ ලබාදෙන්න කටයුතු කරලා තියනවා.ලෝකගේ කාලේ වගේ නෙවේ ඉතින් යහපාලනෙට පින් සිද්ද වෙන්න අද වෙද්දී සිරි ලංකාවෙත් මේ තාක්ෂනය නොමිලේ ලබාගන්න පුලුවන් ( පිස්සුය මම විහිළුවක් කලේ ). මේ තාක්ෂණයේ වාසි අවාසි ගැන කතාකරොත් වාසි තමයි, *) එක Wi-Fi Access Point එකකට ගොඩක් උපාංග සම්බන්ද කරන්න පුලුවන් වීම. *)Network Cable ඇද ඇද මුදල් කාලය නිකම්ම නාස්ති...

ප්‍රෝගැමින් ඉගෙන ගන්න ආස අයට

Image
ප්‍රෝගැමින් කියන්නේ හරි ලස්සන ආට් එකක්.. හරියට ඉගෙන ගත්තොත් ඕනෙම කාලෙක සල්ලි නැතිම වෙලාවක උනත් බැංකුවක සිස්ටම් එක අස්සට රිංගලා උනත් කාලා බීලා ඉන්න පුලුවන් (ඒක සැර වැඩී නේ) මේක දාන්න හිතුනේ ගොඩක් අය ආසයි ප්‍රෝගැමින් ඉගෙන ගන්න. ඒත් ඒ අයට හරියට ට්‍රැක් එකට වැටෙන්කන් ඔහේ යනවා තේරුමක් නැතිව. (මෙතනින් එහාට ඔයා මෙයා කතා නෑ. වදින විදියට කියලා දෙන්නම් අවුල් වගේනම් අතෑරලා දාහන් ) කෙටියෙන් සරලව කියන්නම් ප්‍රෝගැමින් ඉගෙන ගන්න කලින් ඒක උබට අල්ලලා යනවද කියන එක බලන ඕන. ප්‍රෝගැමින් ඉගෙන ගන්න ඕන කියලා එක පාරටම ජාවා / .net ඉගෙන ගන්න යන්න බෑ.. මුලින්ම python ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා කියලා මම කිවුවේ මේකේ හැම අස්සක් මුල්ලක්ම ඉගෙන ගන්න කියන එක නෙවෙයි. ඉස්සෙල්ලාම පයිතන් වලින් Hello World ප්‍රින්ට් කරන්න.පස්සෙ කීබෝඩ් ඉන්පුට් ගන්න අරන් ඒවා ප්‍රින්‍ට් කරන්න.පයිතන් වල වේරියබල් හදන්න අමාරු නැහැ. පස්සෙ බෙසික් ලොජික් ටික ඉගෙන ගන්න ඕන. ඒ කිවුවෙ loop, statement, condition ect.. මම ඉස්සෙල්ලාම පයිතන් ඉගෙන ගන්න කිවුවේ පයිතන් වලින් ප්‍රෝගැම් ලියන්න අමාරු නැහැ.මෙතනදි අපි බැලුවේ මොකක්ඩ මේ ප්‍රෝගැමින්...

යුනික්ස් ඉපදුන හැටි

Image
වන්ස් අ ලෝන් ලෝන් ටයිම් එගෝ, වන් ගෲප් දැට් ස්ටාටඩ් අ නිව් ප්‍රොජෙක්ට් කෝල්ඩ් මල්ටික්ස් 😎 හ්ම්ම්ම් මෙතන ඉන්න ගොඩක් අය ඉංගීසි දන්නෑනේ ඒ නිසා ඉතුරු ටික සිංහලෙන් කියන්නම් 😊😊 එක්තරා දවසක කට්ටියක් ආරම්භ කරනවා ප්‍රොජෙට් එකක්. ඒ අලුත් මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන්න. ඉතින් මේ අයගෙන් බිහිවෙනවා අමුතුම නිර්මාණයක්.  ඒකට ඒ අය නමක් දෙනවා Multics කියලා ඉතින් මේ මෙහෙයුම් පද්ධතිය ඒ කාලේ තිබ්බ විශාලම දැවැන්තම මෙහෙයුම් පද්ධති කියලා කියන්න පුළුවන්. ඒ කාලේ පරිගණකයක තිබූ නැති ගොඩක් ගුණාංග මේක එකතු වෙලා තිබුණා. පොඩි කොස්සකට තිබ්බෙ මේක mainframe වර්ගයේ පරිගණක වලදී පමණයි ක්‍රියාත්මක වෙන්නේ. පරිගණක ආරක්ෂාව පිළිබඳව උනන්දුවක් නොතිබූ කාලයේ මෙම os එක ආරක්ශාව අතින් උපරිම තැනකට ගෙන්න මේ අයට පුලුවන් උනා.මුලින්ම මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ වාණිජමය අරමුණකින් ඒත් ඒ කාලේ එක්ක එය සාර්ථක වුණේ නෑ.. ඉතින් බලාපොරොත්තු රහිතවම මේ අය මේ ප්‍රොජෙට් එක අතෑරලා දානවා. කාලය හෙමින් ගියා. ප්‍රෝගැමර් කෙනෙක්ට වෙලාව කකා ගෙදරට වෙලා ඉන්න එක කොහොමත් එපා වෙන වැඩක්නේ. මෙතන මේ ටීම් එකේ ඉදපු කෙනෙක් පොරට ලැබුන විවෙක කාලයෙන් ලැ...

Bot Net Attack

Image
                                                         ලංකාවේ ඉන්න හොරස්කොප් එකකින් වත් අහස නොබලපු මිනිස්සු සෙට් එකක් සෞරග්‍රහ මණ්ඩලේ ඉන්න ග්‍රහයෝ විකුණන් කද්දී, වෙන රටවල ඉන්න මිනිස්සු උස්සහ කරේ අල්ලපු ගෙදර එකාගේ කම්පුටරේට රිංගන්න පාරක් හොයන්න.ඉතින් මෙහෙම අල්ලපු ගෙදර එකාගේ කම්පුටරේට රිංගුව එකෙක් එතනින් නැවතුනේ නැහැ, මිනිහා තව තව කොම්පුටර් තමාගේ යටතට ගන්න දත කාගෙන ට්‍රයි කළා. අල්ලපු ගෙදර එකාගේ කම්පුටරේට රිංගන්න පටන්ගත්තු මිනිහා අද වෙද්දී මුළු ලෝකෙම කම්පුටර් මිලියන ගානක පාලනය අතට ගදිදී අපේ ලංකාවේ මිනිස්සු කරේ අර ඇමරිකාව හොයාගත්ත ග්‍රහයෝන්ට එක එක නම් දාල, කොටු ටිකක් ඇදලා ඒකට ග්‍රහයෝ පුරවන්න සමීකරණ හෙවුව එක.(කතාවේ මුලට) ඉතින් මෙහෙම කොම්පුටර් මිලියන ගානක පාලනය අතට ගත්ත මිනිහා කරේ ඒ කොම්පුටර් සේරෝම එක...

සිහිනත් කාලෙකදී ලොකු ගණන් වලට විකිනෙනවා

Image
  මට හොදින් සල්ලි තියෙන තාත්තා කෙනෙක් හිටියේ නැහැ. විශ්වවිද්‍යාලය සදහා තුන් වතාවක් උස්සාහ කළා. සියල්ල අසාර්ථක වුණා. මම දසවතාවක් හාවර්ඩ් විශ්වවිද්‍යාලය සදහා අයදුම්කර තිබෙනවා. ඔවුන් මාව ප්‍රතික්ෂේප කලා. ඔවුන්ට මාව දකින්නවත් අවශ්‍ය උනේ නැහැ. අවසානයේ මා ජිවත් වූ නගරෙයේ තුන්වන හෝ හතරවන පන්තිය ලෙස සලකන ගුරු විද්‍යාලයට ගියා. මම රැකියා සදහා ඉල්ලුම් කළා. තිස්වතාවක් මාව ප්‍රතික්ෂේප කළා.ඒ කාලය මට ගොඩක් අපහසු උනා. මගේ අපේක්ෂාවන් සියල්ල නැතිවී ගියා. මම විශ්වවිද්‍යාලයේ ඉගැන්නුව නිසා මගේ වැටුප මාසෙටම ඩොලර් දහයයි. හොද රැකියාවක් හොයාගන්න බැරි උන නිසා, 1994 දී මම අන්තර්ජාලෙන් යමක් කරන්න අදහස් කළා. විසි තුන්දෙනෙක් එයට විරුද්ධව සිටියා. "මේක මෝඩ අදහසක්,අප අන්තර්ජාලය ගැන කවදාවත් අසා නැහැ" ඔවුන් පැවසුවා. ඒ වගේම " ඔබ පරිගණකය ගැන කිසිවක් දන්නේ නැහැ" කියලා පැවසුවා. මම කවදාවත් හිතුවෙන් නැහැ මම දක්ෂයි කියලා. කිසිවෙක් මා සාර්ථක වේයැයි විශ්වාස කලේ නැහැ. හැමෝම පැවසුවේ පිස්සු කියල. මොහු හිතන්නේ කවදාවත් කරන්න බැරි වැඩක් ගැන කියලා.මම බැංකු වලින් ඇමරිකානු ඩොලර් 3000 ක ණයක් ග...