යුනික්ස් ඉපදුන හැටි
ඒකට ඒ අය නමක් දෙනවා Multics කියලා ඉතින් මේ මෙහෙයුම් පද්ධතිය ඒ කාලේ තිබ්බ විශාලම දැවැන්තම මෙහෙයුම් පද්ධති කියලා කියන්න පුළුවන්. ඒ කාලේ පරිගණකයක තිබූ නැති ගොඩක් ගුණාංග මේක එකතු වෙලා තිබුණා. පොඩි කොස්සකට තිබ්බෙ මේක mainframe වර්ගයේ පරිගණක වලදී පමණයි ක්‍රියාත්මක වෙන්නේ. පරිගණක ආරක්ෂාව පිළිබඳව උනන්දුවක් නොතිබූ කාලයේ මෙම os එක ආරක්ශාව අතින් උපරිම තැනකට ගෙන්න මේ අයට පුලුවන් උනා.මුලින්ම මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ වාණිජමය අරමුණකින් ඒත් ඒ කාලේ එක්ක එය සාර්ථක වුණේ නෑ..
ඉතින් බලාපොරොත්තු රහිතවම මේ අය මේ ප්‍රොජෙට් එක අතෑරලා දානවා. කාලය හෙමින් ගියා. ප්‍රෝගැමර් කෙනෙක්ට වෙලාව කකා ගෙදරට වෙලා ඉන්න එක කොහොමත් එපා වෙන වැඩක්නේ. මෙතන මේ ටීම් එකේ ඉදපු කෙනෙක් පොරට ලැබුන විවෙක කාලයෙන් ලැප් එක අතට අරන් හදන්න පටං ගන්නවා ගේම් එකක්. ගේම් එක එලියට එන්න එතරම් කාලයක් ගියේ නැහැ. ගේම් එකේ නම space travel.මෙතනත් මේ අය වැඩ වරද්දගන්නවා.හේතුව මේ ගේම් එකත් රන් වෙන්නේ mainframe මැශින් වල විතරයි. ඉතින් මේ මිනිහට ඕන උනා අලුත් මෙහෙයුම් පද්ධතියක් හදන්න මේ ගේම් එක රන් කරන්න පුලුවන් විදියට. මාසයක් ඇතුලත මෑන්ගෙ අතින් මෙහෙයුම් පද්ධතියක් එලියට එනවා.හරියටම කිවුවොත් වැඩ අවසන් උනේ 1969 අගොස්තුවේදී.
දැනට තිබෙන unix මෙහෙයුම් පද්දතියේ ප්‍රදානම කේත සටහන තමයි මේක. මේ වෙද්දි ගොඩක් සමාගම් වලින් මෙයාට උදවු ලැබෙනවා මේ මෙහෙයුම් පද්දතිය වැඩිදියුණු කරන්න. . . බ්ලා බ්ලා බ්ලා... . . 1971 මේ හදපු මෙහෙයුම් පද්දතියට නමක් දෙනවා UNIX කියලා.ඒ වගේම මේ මෙහෙයුම් පද්දතියට අලුතින් දේවල් එකතු කරන්න බලාගෙන මේ කෝඩ් එක ආයේ ලියනවා C පරිගනක බාශාවෙන්. මේ කාලේ වෙද්දි ගොඩක් විශ්වවිද්‍යාල හා ප්‍රසිද්ද ආයතන වල මේ මෙහෙයුම් පද්දතිය බාවිතයට ගැනෙනවා. අද වෙද්දි ගොඩක් ඉලෙක්ට්‍රොනික් උපකරනවල මෙම unix කේතයේ කොටසක් හෝ භාවිතයට ගැනෙනවා.ඔව් වින්ඩොස් වලත් තියෙනවා.
මේ යුනිස් ඉපදුන හැටි.මෙතනින් පස්සෙ දිග කතාවක් තියෙනවා මේක ඕපන්සෝස් උන හැටි ගැන..ඒ ගැන වගේම මේ යුනිස් බාවිතා වෙන දේවල්ගැන ඊලගලිපියෙන් හමු වෙමු..
ලිව්වේ මම හරිත් දිල්ශාන්
#Shap_Manasick
#HarithDilshan
👉👉ඉතින් කොපි කරා කියලා තරහ නෑ.නමවත් ඉතුරු කරොත් ඒ ඇති..👈

Comments
Post a Comment